Tuesday, September 24, 2013

බබාට ටියුෂන් අදත් දවසම...


ඈ ඇවිද ගියාය...
ගිනි මද්දහනේ සෙවණක් සොයා..
ඈට පමණක්මද සෙවු ඉඩ...
කොතනවත් නැත තනි එකෙක්...

"අනේ! අපේ වාසනාව...
ඊයෙ තැනම අදත් ඉදතැකි..."
අතිනත වෙලිණි...
අදුර රජ විය...
පදුර මදි විය...
සියලු සීමා බිදී විසි විය...

ට්‍රිං... ට්‍රිං... ට්‍රිං... හෙලෝ...

"අයියෝ... බබාට ක්ලාස් ඉවරලු"

අදත් බාගෙට...
වෙලූ අතිනත හෙටත් හවසට...
අදුර අතරේ පදුර තනිවිය...
ප්‍රීති පමණක් ඉවත විසි විය...
~

2 comments:

  1. අපේ ගමේ ඉස්කෝලෙක මෙහෙමම එකක් උනා...එක ළමයෙකුගෙ අම්මෙක් අනෙක් ළමයගෙ තාත්තා එක්ක ගිය අතක් නෑ

    ReplyDelete
  2. @රෙහානි
    කොමෙන්ටුවට ස්තුතියි...

    මෙහෙම ඒව කොච්චරනම් දැන් අහන්න තියෙනවද? අන්තිමට ළමයි පව්... :'(

    ReplyDelete